විදුහල්පතිතුමාගේ පණිවිඩය

අධ්‍යාපනයේ ජාතික අරමුණු ඉටුවන පරිදි 21 වන සියවසේ ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි වන පරිදි පුර්ණ පෞරුෂයක් සහිත දරු පිරිසක් බිහිකිරීම සඳහා පාසල පදනම් කරගත් සැළසුම් සහගත වැඩ පිළිවෙලක් පාසල තුළ ක්‍රියාත්මක කළ යතුවේ. ලාංකීය අධ්‍යාපන ප්‍රතිපත්ති වලට අනුකූල වෙමින් පාසල් විෂය මාලාව, විෂය සමගාමී හා විෂය බාහිර වැඩසටහන් තුළින් සමබර පෞරුෂත්වයකින් හෙබි අනාගත ලෝකය ජයගතහැකි ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් සහිත යහපත් දරුවෙකු සමාජයට දායාද කිරීම සදහා සිසු කුසලතා වර්ධනය වන පරිදි ප්‍රදේශයේ සංස්කෘතියට ගැළපෙන පරිදි පාසල සංවර්ධනය කිරීම අපගේ අරමුණයි. නව ලොවට ගැළපෙන ආකාරයට සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සහිත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළින් දරුවන්ගේ සාධන මට්ටම මෙන්ම නිපුණතා සංවර්ධනයද ඉහළ නැංවීමට මා බලාපොරොත්තු වේ. පාසල පිළිබඳ නවතම ප්‍රවෘත්ති යාවත්කාලීන කිරීමට ආදි ශිෂ්‍ය වෙබ් නිර්මාණ කණ්ඩායම ලබාදන දායකත්වය පිළිබද මගේ සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි.
අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති,
ර/ඇඹි/ජඳුර මහා විද්‍යාලය.