දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ප්‍රදේශයේ දානපතියෙකු වූ වයි.ජී. හින්නි අප්පුහාමි මුදලාලි මහතාගේ ධන පරිත්‍යාගයෙන් නව 1960 දී නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. එසේම සිසුන්ට වන්දනාමාන කිරීම සදහා විහාර මන්දිරයක්ද ඉදිකරවා ඇත. පී බුලත්සිංහල මහතාගේ ප්‍රධානීත්වයෙන් පාසලේ වැඩකටයුතු ආරම්භ කිරීමට යෙදනි.