පාසලේ ඉතිහාසය
- පාසල ආරම්භය, 1960/05/30.
- ආරම්භක විදුහල්පති, පියදාස බුලත්සිංහල මහතා.
- ආරම්භය 1ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පමණි.
- උසස්පෙළ කලා අංශය ආරම්භ කිරීම, 2008 වර්ෂයේදී.
"රටත් මවිත කළ, ඇසුවන් ත්‍රාසයටත් භීතියටත් පත් කළ, ප්‍රදේශයේ අප සතුටටත් පත් කළ මඩුවන්වෙල මඟ දිපවයන් බල ප්‍රදේශයේ ස්වකීය වර්ගයා වෙනුවෙන් දිවි පිදූ අභීත හස්ති රාජයෙකු ගැන කියවන පනාමුර ඇත්ගාල පෙරදිගින්ද, ජනප්‍රවාදයේ එන රජ දවස විසූ අලුබොඩ නම් යෝධයෙකු තැනූ වළල්ගොඩ වෙල්යාය දකුණු පසින්ද, තවමත් විද්‍යාවේ ඇස නොගැටුණු හාස්කම් වලින් අනුන මනස්කාන්ත ජඳුර කඳු වැටිය බටහිරින් ද, මැණික් උල්පත් මතු වූ විරාලගල කඳු වැටිය උතුරින්ද, මායිම්ව පෝෂණය වන ජඳුර විදු පියස සූරියකන්ද ඇඹිලිපිටිය මාර්ගයේ ජඳුර මිටියාවතේ අක්කර 05 ක භූමියක පිහිටා ඇත.
සිංහල වංශ කතාවේ සිංහල භාෂාව ගැන මහත් කැක්කුමකින් කතා කළ අවධියක ඇති වූ යෝජනාවක ප්‍රතිඵලය ලෙස ශ්‍රී ලංකා ධරණී තලයේ තිබූ ප්‍රධාන අඩුවක් සපුරාලමින් ජඳුර සිප්හල 1960.05.30 දින ආරම්භ විය. සියළු මිනිස් අවශ්‍යතා ඉතා දුෂ්කර වුවද වර්තමානය වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 900 ඉක්මවන, ගුරු මණ්ඩලය 36 දෙනෙකුගෙන් සමන්විත වී ඇති අතර 1 සිට 13 දක්වා පන්ති පැවැත්වෙන මෙම පාසල් ස්ථිර ගොඩනැගිලි 13 ක් පවතී. අපරට තුළ කාලයක් තිස්සේ පැවතුණ බුද්ධිමතුන්ගේ හිඟය විසඳමින් මේ වන විටත් අප විදුහලෙන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, තාක්ෂණ ශිල්පින්, ගුරුවරුන් හා විවිධ වෘත්තිකයින් බිහි කර රටටත්, ලොව පුරාත් විශාල සේවයක යෙදී සිටීම පාසල් මාතාවට ගෞරවයකි."