හෙළ අබිමන් පෑ විරු දරුවන්
අප සිසු දරු කැල මිණිමුතු වන්
කිතු දද නං වන රට දැය නංවන
අපි වෙමු ඔබේ දරුවෝ හෙළ සරසන විරුවෝ..//
ශිල්ප කලා විද්‍යා ආලෝකය
දැනුමින් සපුරා කළ ආලෝකය
කර ගුණ නංවන කර මන නන්දන
අපි වෙමු ඔබේ දරුවෝ හෙළ සරසන විරුවෝ..//
ජඳුර පියසෙහි විදුහල් මාතා
වඩවා අප මෙත් කරුණා මුදිතා
යහමග පෙන්වන පහනකි නන්දන
අපි වෙමු ඔබේ දරුවෝ හෙළ සරසන විරුවෝ..//